කොළඹ ප්‍රදේශ දෙකකට පැය 10ක් වතුර නැහැ

හෙට (අගෝ. 20) රාත්‍රී 11.00 සිට අනිද්දා (අගෝ. 21) උදෑසන 9.00 දක්වා පැය 10ක කාලයක් කොළඹ 5 සහ 6 ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් එම ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය පැවසීය.
එම කාලසීමාවේදී කොළඹ 4 ප්‍රදේශයට අඩු පීඩනයක් යටතේ ජල සැපයෙන බව ඔවුහු දන්වා සිටිති.

