සංචාරක කර්මාන්තය වැටුණේ කාළකණ්ණි අරගලකාරයෝ නිසා – සනත් නිශාන්ත (Video)

සංචාරක කර්මාන්තය වැටුණේ කාළකණ්ණි අරගලකාරයෝ නිසා – සනත් නිශාන්ත (Video)

මෙරට සංචාරක කර්මාන්තය බිඳ වැටුණේ අරගලය නිසාවෙන් බවත්, සංචාරකයන් පැමිණෙන්නේ, නිදහසේ සිටීමට මිස රටක කලබල නැරඹීමට නො වන බව ඊයේ (18) රූපවාහිනී දේශපාලන සංවාදයකට සහභාගිවෙමින් පුත්තලං දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මේ බව පවසා සිටියා.

එහිදී ඔහු වැඩි දුරටත් කියා සිටියේ රැට්ටෝ කුරුට්ටෝ කියා ගෙන දත, කට මදින්නේ නැති, මූණ හෝදන්නේ නැති මොක්කු ද වගේ කාළකණ්ණි ටිකක් අරගලය මෙහෙයවමින් සංචාරක කර්මාන්තය බිඳ දැමූ බව සනත් නිශාන්ත එහි දී අවධාරණය කළා.

නමුත් ඊට පිළිතුරු වශයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවසුවේ, මහබැංකු වාර්තාවට අනුව අරගළය ආරම්භ වූ අප්‍රේල් මාසයෙන් පසු ව සැලකිය යුතු මට්ටමෙන් සංචාරක කර්මාන්තය නැඟී එන බව යි.

එබැවින් අරගලය නිසා සංචාරක කර්මාන්තය බිඳ වැටුණා යන තර්කය සාවධ්‍ය බව යි පුබුදු ජයගොඩ අවධාරණය කරන්නේ.

මේ අතර, මාධ්‍යවේදියා නැඟූ පැනයකට පිළිතුරු ලබා දෙමින් සනත් නිශාන්ත පැවසුවේ, රනිල් වික්‍රමසිංහ ව ජනාධිපති කළේ තම කඳවුර බවත් අපි පත් කළ ජනාධිපති හැසිරිය යුත්තේ, අපිට ඕන විදියට බවත් ඔහු වැඩි දුරටත් කියා සිටියා.