ෆින්ලන්ත අගමැතිනියගේ වීඩියෝවක් ලීක් වෙයි

කළක් ලෝකයේ ලාබාලතම නායිකාව වූ පින්ලන්ත අග්‍රාමාත්‍ය සානා මැරින් කෙළිදෙලෙන් ගත කරන වීඩියෝවක් සමාජගතවී තිබෙනවා.
එරට විපක්ෂය චෝදනා කරන්නේ අග්‍රාමාත්‍යවරිය වගකීම් විරහිතව හැසිරෙන බවයි.
එරට සමහර නායකයින් ඇයට මත්ද්‍රව්‍ය පරීක්ෂණයකට භාජනය විය යුතු යැයි ද සඳහන් කර තිබෙනවා.
කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් 36 හැවිරිදි පින්ලන්ත අග්‍රාමාත්‍යවරිය සඳහන් කර ඇත්තේ තමන් මත්පැන් පානය කර ගයමින්, නර්තනයේ යෙදුනත් කිසිදු නීතිවිරෝධී මත්ද්‍රව්‍යයක් නොගත් බවයි.
තමාගේ පෞද්ගලික වීඩියෝවක් මෙලෙස සමාජගත කරමින් චෝදනා එල්ල කිරීම යුක්තිසහගත නොවන බව ද ඇය ප්‍රකාශ කර තිබෙනවා.

