ජෙහාන්ව අත්අඩංගුවට ගැනීමට පොලීසියෙන් මෙහෙයුමක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් ඊයේ අත්අඩංගුවට ගත් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වන වසන්ත මුදලිගේ ඇතුළු පිරිස අද කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
මේ අතර ඊයේ යූනියන් පෙදෙස හි පැවති විරෝධතා පා ගමනේදී රංගන ශිල්පී ජෙහාන් අප්පුහාමි අත්අඩංගුවට ගත් බවට මාධ්‍ය මගින් ප්‍රචාරය වූවත්, ඔහු පොලිස් භාරයෙන් පලා ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
ජෙහාන්ව අත්අඩංගුවට ගැනීමට විමර්ශනයක් මේ වනවිට ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩි දුරටත් සඳහන් කරයි.

