උඩු ගුවනේදී නියමුවන් දෙදෙනෙකුට නින්ද ගිහින් වෙච්ච වැඩේ

පියාසර කාලය තුළ ඉතියෝපියානු ගුවන් සේවයේ නියමුවන් දෙදෙනෙකුට නින්ද යෑමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අඩි 37,000ක් ඉහළින් පියාසර කරමින් සිටියදී මෙලෙස නියමුවන් දෙදෙනාට නින්දගොස් ඇති බවයි අදාළ විදෙස් වාර්තාවල සඳහන් වුණේ.
නියමිත ගමනාන්තයට ළගා වූ පසුවත් යානය ගොඩබෑමට කටයුතු නොකිරීම නිසා ගුවන් ගමන් පාලක විසින් අනතුරු ඇගවීම් සංඥා නිකුත්කර ඇති අතර ඉන් අනතුරුවයි නියමුවන් දෙදෙනා අවදි වී ඇත්තේ.
ඒ අනුව විනාඩි 25ක ප්‍රමාදයකින් පසු යානය ගුවන් ධාවන පථයට ගොඩබෑමට නියමුවන් විසින් කටයුතු කර ඇති අතර මීලග ගුවන් යානයට ඒ හේතුවෙන් පැය දෙකහමාරක කාලයක් රැදී සිටීමට සිදුවූ බවයි වාර්තා වෙන්නේ.

