බිත්තරවලට උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට්ටුවක් එළියට

බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව සුදු බිත්තරයක මිල රුපියල් 43ක් වන අතර රතු බිත්තරයක් අලෙවි කළ යුතු උපරිම සිල්ලර මිල රුපියල් 45ක්.
මෙම මිල ඉක්මවා බිත්තර අලෙවි කරන වෙළඳුන්ට රුපියල් ලක්ෂයක දඩයක් නියම කරන බවයි පාරිභෝගික සේවා අධිකාරිය කියාසිටියේ.


