නව ජනවරමක් ඉල්ලා ජාතික ජන බලවේගය නුගේගොඩට

පාර්ලිමේන්තුව විසුරුවනු! නව ජන වරමකට ඉඩ දෙනු! යන මැයෙන් ජාතික ජන බලවේගය විසින් අද (20) විරෝධතා පා ගමනක් සහ රැළියක් සංවිධානය කර තිබුණි.
විරෝධතා පා ගමන විජේරාම හන්දියේ සිට නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨය දක්වා පැමිණි අතර මේ වන විට එම රැළිය පැවැත්වෙමින් තිබෙනවා.

