බිත්තර බෙදාහැරීම අත්හිටුවයි

බිත්තර බෙදාහැරීම අත්හිටුවයි

බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් පැනවීමට විරෝධය පළ කරමින් බිත්තර බෙදාහැරීමේ කටයුතු අත්හිටවූ බව, සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය පවසයි.

එහි සභාපති, අජිත් ගුණසේකර මහතා පැවසුවේ පාඩු ලබමින් බිත්තර බෙදාහැරීම සිදුකළ නොහැකි බවය.

පෙරේදා (19) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සුදු බිත්තරයක් සඳහා රුපියල් 43 ක උපරිම සිල්ලර මිලක් පනවනු ලැබිණි.

දුඹුරු හා රතු පැහැති බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 45 කි.

COMMENTS