දේශපාලඥයන් 60ක් ජල බිලට පොල්ල තියලා

ජල බිල්පත් ගෙවීම පැහැර හැර සිටින විවිධ තරාතිරම්වල දේශපාලඥයන් 60 දෙනකුගේ ජල සැපයුම විසන්ධි කිරීමට ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය තීරණය කර ඇත.
මෙම දේශපාලකයන් ගෙවීම පැහැර හැර ඇති ජල බිල්පත්වල මුළු වටිනාකම රුපියල් කෝටියකට වැඩිය.
ජල බිල මෙසේ ගෙවීම පැහැර හැර සිටින පිරිසට ඇමැතිවරු මන්ත්‍රීවරු සහ හිටපු මැති ඇමැතිවරුද ඇතුළත් වෙති.
මේ අතර දිවයින පුරා ජල පාරිභෝගිකයන් ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට ගෙවීම පැහැර හැර ඇති මුදලේ වටිනාකම රුපියල් කෝටි 700 දක්වා ඉහළ නැග ඇතැයි වාර්තා වේ.
රට පුරා සිටින සමස්ත ජල පාරිභෝගිකයන්ගේ සංඛ්‍යාව ලක්ෂ 28 කි.
මින් පාරිභෝගිකයන් ලක්ෂ දහයකට වැඩි පිරිසක් සිය ජල බිල්පත් ගෙවීම පැහැර හැර ඇතැයි මණ්ඩලයේ නිලධාරීහු පෙන්වා දෙති.

