වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනා TIDයට භාරදෙන ලෙසට පොලිස්පතිගෙන් උපදෙස්

දැනට රැඳවුම් නියෝග මත සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනාට ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් යම් සැකයක් ඇත්නම් ඒ පිළිබඳව සොයා බැලීමට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට (TID) විමර්ශන කටයුතු භාර දෙන ලෙසට පොලිසිපතිවරයා උපදෙස් දී තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, තවදුරට ත් සැකකරුවන් තිදෙනා රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා විමර්ශන නිලධාරීන් විසින් ආරක්ෂක අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් ද කරනු ලැබ ඇති බව ය.
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය අගෝස්තු 18 වන දා කොළඹ පැවැත්වූ විරෝධතාව අතරතුර සහ ඊට පසු දින අත්අඩංගුවට ගත් 16 දෙනා අතර සිටි වසන්ත මුදලිගේ, පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි සහ හෂාන් ගුණතිලක යන අය පැය 72ක් රඳවා ගැනීම සඳහා පොලිසිය රැඳවුම් නියෝග ලබාගෙන තිබිණි.
අප්‍රේල් 9 වන දා අරගලයට අදාළව සිදුවූ සිද්ධි පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔවුන්ට එරෙහිව රැඳවුම් නියෝග ලබාගෙන තිබිණි.

