Breaking News:- වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනා දින 90ක් රඳවාගෙන විමර්ශනය කිරීමට නියෝග

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, හෂාන්ත ගුණතිලක සහ පූජ්‍ය ගල්වල සිරිධම්ම හිමියන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ, දින 90ක් රඳවා තබා විමර්ශනය කිරීමට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අනුමැතිය ලැබී ඇතැ යි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිතීඥ නිහාල් තල්දූව පවසනවා.
පසුගිය 18 වැනි දා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය කොළඹ පැවැත්වූ විරෝධතාවක් අතරතුර වසන්ත මුදලිගේ ඇතුළු 19 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත් වූ අතර, වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනා හැර සෙසු 15 දෙනා පසුගිය දා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ව ඇප මත මුදා හැරුණා.
එක් අයෙකු ලබන 26 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට යි අධිකරණය නියෝග කළේ.
වසන්ත මුදලිගේ ඇතුළු තුන් දෙනා පැය 72ක රැඳවුම් නියෝග යටතේ පළමුව රඳවා ගැනුණු අතර, ආරක්ෂක අමාත්‍යවරයාගේ අනුමැතියට යටත් ව ඔවුන් දින 90ක් රඳවා තබා විමර්ශනය කෙරෙනු ඇති.

