අත්‍යාවශ්‍ය සේවා සඳහා ඉන්ධන කෝටාව වැඩි කිරීමට යයි

වාහන නොවන ඉන්ධන අවශ්‍යතා ලියාපදිංචි කිරීම සහ සංචාරක ඉන්ධන අවසර පත්‍රය සැප්තැම්බර් පළමු සතියේ ලබා දීමට නියමිත බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.
අමාත්‍යවරයා එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, අත්‍යාවශ්‍ය සේවා සඳහා ඉන්ධන කෝටාව වැඩි කිරීමට විශේෂ කාණ්ඩය හඳුන්වා දීමට ද නියමිත බව ය.
ජාතික ඉන්ධන බලපත්‍ර සමාලෝචන රැස්වීම අද (23) විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර එහිදී මෙම තීරණ ගෙන ඇත.

