ජනතා නැගිටීමේදී සිදුකළ සුළු සුළු ක්‍රියාවන් දඟකාරකම් මිස අපරාධ නෙවෙයි – වාසු (video)

ජනතා නැගිටීමේදී සිදුකළ සුළු සුළු ක්‍රියාවන් දඟකාරකම් මිස අපරාධ නෙවෙයි – වාසු (video)

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි ජනතා නැගිටිමේදී සිදු වූ ඇතැම් සුළු සුළු ක්‍රියාකාරකම් දඟකාරකම් මිස අපරාධ නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවසුවේය.

ඒ, ඊයේ (22) කොළඹදී පැවති ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ මාධ්‍ය හමුවේදීය.

මේ රටේ අපරාධ වෙනුවෙන් ක්‍රියා කළා හොඳටම ඇති බවත්, අද අපරාධ කරන්නේ ආණ්ඩුව බවත් සුළු සිදුවීම්වලට අරපධකරුවන් ලෙස අත්අඩංගුවට ගනිමින් තිබීම විශාල අපරාධයක් බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

එහෙයින් වහාම එම අත්අඩංගුවට ගැනීම් නතර කළ යුතු වන බවද ඔහු එහිදී ප්‍රකාශ කළා.