ශ්රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලයට ස්ථාන මාරුවක්

අමෙරිකානු තානාපති කාර්යාලය පිහිටි පැරණි ගොඩනැගිල්ලෙන්, නව ගොඩනැගිල්ලට මාරු වන බව ශ්රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලි චංග් පවසයි.
ඒ පිළිබඳව ඇය සිය ට්විටර් ගිණුමේ ඡායාරූප කිහිපයක් ද පළ කරමින් සඳහන් කර ඇත.
එහි දැක්වෙන්නේ ඇය පැරණි ගොඩනැගිල්ලේ තිබුණු බඩු මුට්ටු නව ගොඩනැගිල්ල කරා ගෙන යන අයුරු ය.
අමෙරිකානු – ශ්රී ලංකා ඉතිහාසය සම්බන්ධයෙන් ද ඇය එහි සඳහනක් කර තිබුණා මෙලෙසින්
“දශක ගණනාවක් පැරණි අපගේ කාර්යාලවලින්, දශක ගණනාවක් පැරණි අමෙරිකානු ශ්රී ලංකා ඉතිහාසය ඇසුරුම් කර අපගේ නව තානාපති කාර්යාල ගොඩනැගිල්ලට යාමට පටන් ගන්නවා. එය “සියල්ල අත්වැල් බැඳගන්නා” නව අත්දැකීමක් වේවි. ඉක්මනින් අපගේ නව අවකාශයට ඔබව පිළිගැනීමට සතුටින් බලා සිටිනවා.” යනුවෙන් ට්විටර් ගිණුමේ සටහන් කර තිබුණා.


