හිටපු අගමැති අරක්ෂා කරගැනීමට නො හැකි වූ පොලිස් ප්‍රධානියා ධුරයෙන් ඉවත් වෙයි

හිටපු අගමැති අරක්ෂා කරගැනීමට නො හැකි වූ පොලිස් ප්‍රධානියා ධුරයෙන් ඉවත් වෙයි

ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂිංශෝ අබේ ඝාතන සිද්ධිය මුල්කර ගනිමින් එරට ජාතික පොලිස් ඒජන්සියේ ප්‍රධානී ඉතාරු නකමුරා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

හිටපු අගමැතිවරයාට නිසි ආරක්ෂාවක් සැපයීමට අපොහොසත් වීම පිළිබඳ වගකීම භාරගනිමින් තමා ධුරයෙන් ඉල්ලා අස්වන බව යි ඔහු පවසන්නේ.

පසුගිය ජුලි මාසයේ දී හිටපු අගමැති ෂිංශෝ අබේ ව වෙඩි තබා ඝාතනය කළ අතර, ඔහුට නිසි ආරක්ෂාවක් සැපයීමට පොලිසිය අසමත් වීම පිළිබඳ කනගාටු වන බව සිය ඉල්ලා අස්වීමේ තීරණය නිවේදනය කරමින් ඔහු ප්‍රකාශ කරනවා.

පසුගිය මස 08 වැනි දා මැතිවරණ ප්‍රචාරක රැස්වීමක් අතරතුර ජපානයේ හිටපු අගමැතිවරයා වෙඩි ප්‍රහාරයකට ලක් වුණා.

https://bit.ly/3ciKoHd

COMMENTS