ගෝඨාභය එන දිනය යළි උදයංග කියයි

ගෝඨාභය එන දිනය යළි උදයංග කියයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එළඹෙන සැප්තැම්බර් 03 වැනිදා යළි මෙරටට පැමිණෙන බව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග අද (25) කොළඹදී මාධ්‍ය වෙත පවසා තිබේ.

මෙම මස 24 වැනි දින ඔහු මෙරටට පැමිණෙන බව තමන් සඳහන් කළේ කට වැරදීමකින් බව වීරතුංග කියා ඇත.

තමන් අතින් සිදු වූ එම වැරදීම හේතුවෙන් තවදුරටත් රාජපක්ෂ මහතා මෙරටට පැමිණීම කල් ගත වූ බවයි ඔහු සඳහන් කරන්නේ.

මේ වන විට හිටපු ජනාධිපතිවරයා තායිලන්තයේ රැඳී සිටින අතර ආරක්ෂාව තහවුරු වූ සැණින් මෙරටට පැමිණෙන බවටයි මීට ඉහත වාර්තා වුණේ.

ඒ කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂ යළිත් දිවයිනට පැමිණීමට අවශ්‍ය වුවද ආරක්ෂාව සම්බන්ධයෙන් වන ගැටළුව හේතුවෙන් පැමිණීම ප්‍රමාද කරන ලෙස මෙරට බුද්ධි අංශ උපදෙස් දී ඇති බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරනවා.

පෞද්ගලික ජෙට් යානයක්, ජනාධිපති මන්දිරයක් සහ පැය 24 පුරාම ආරක්ෂාව සඳහා මේ වන විට රුපියල් මිලියන ගණනක් ගෝඨාභය රාජපක්ෂ මහතා වියදම් කරමින් සිටින බවට ඔහුට සමීප පුද්ගලයෙක් රොයිටර්ස් පුවත් සේවයට පවසා තිබෙනවා.

රාජපක්ෂ පවුලට සමීප තවත් ආරංචි මාර්ගයක් සඳහන් කර ඇත්තේ අදාළ වියදම් බොහෝදුරට ඔහුගේ ආධාරකරුවන් කිහිප දෙනෙකු විසින් දරනු ලබන බවයි එම පුවත් සේවය වැඩි දුරටත් වාර්තා කර සිටියේ.