විදුලියෙන් දුවන ත්‍රීරෝද රථ සඳහා අයදුම්පත් කැඳවයි

විදුලියෙන් දුවන ත්‍රීරෝද රථ සඳහා අයදුම්පත් කැඳවයි

ඉන්ධන මගින් ක්‍රියාකරන ත්‍රීරෝද රථ, විද්‍යුත් ත්‍රීරෝද රථ බවට පරිවර්තනයට කැමැත්තක් දක්වන දේශීය සහ විදේශීය ආයතනවලට අගෝස්තු 30 වැනි දා දක්වා ඊට අදාළව ඉල්ලුම් කිරීමට හැකියාව පවතින බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා.

ඉන්ධන භාවිතය සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුකාරී තත්ත්වයත් සමඟ විද්‍යුත් ත්‍රීරෝද රථ භාවිතය පිළිබඳ වැඩි අවධානයක් මේ වන විට යොමුව තිබෙනවා.

ඛනිජ තෙල් අර්බුදය හා පරිසරයට ඇති වී ඇති බලපෑම් අවම කිරීම සඳහා ශ්‍රී ලංකාව තුළ කඩිනමින් විදුලියෙන් ධාවනය වන ත්‍රීරෝද රථ හා බස් රථ ධාවනයට එක් කිරීමට මූලික සාකච්ඡාවක් ද පසුගිය දා පැවැත්වුණේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සහ ප්‍රවාහන අමාත්‍යාංශයේ මූලිකත්වයෙන්.