රන්ජන් නිදහස් කිරීමේ ලිපිය බන්ධනාගාරයට

රන්ජන් රාමනායක මහතා නිදහස් කිරීමේ ලිපිය බන්ධනාගාර නිලධාරීන්ට අධිකරණ අමාත්‍යංශ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය විසින් භාර දී තිබෙනවා.
මේ අතර අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරුව සිර දඬුවම් ලබන හිටපු රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධයෙන් වූ ලේඛනයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (26) අත්සන් තබා තිබුණා.
මින් ඉදිරියට අධිකරණයට අපහාස වන කිසිදු ප්‍රකාශයක් හෝ ක්‍රියාවක් සිදු නොකරන ලෙස වන කොන්දේසි සහිත සමාවක් ලබාදීමට ජනාධිපතිවරයා මෙහිදී කටයුතු කර තිබෙන්නේ.

