ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට කඩල පරිප්පු පරිත්‍යාගයක්

ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට කඩල පරිප්පු පරිත්‍යාගයක්

ශ්‍රී ලංකාවේ පාසල් දරුවන් පෝෂණය කිරීම සඳහා අමෙරිකා එක්සත් ජනපදය කඩල පරිප්පු මෙට්‍රික් ටොන් 320ක් පරිත්‍යාග කර තිබේ.

කොළඹ පිහිටි අමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය නිවේදනය කළේ, එක්සත් ජනපදයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා Save the Children සමඟ සහයෝගිතාවෙන් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත වෙත අද (26) මෙම ආහාර තොගය භාර දුන් බව ය.

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලි චංග් එහිදී අදහස් දක්වමින් කියා සිටියේ,

“අමෙරිකානු ජනතාවගේ මෙම පරිත්‍යාගය වඩාත් අවදානමට ලක්විය හැකි ශ්‍රී ලාංකික – දරුවන් ඉලක්ක කරන අතර ඔවුන්ගේ කුසගින්නට වඩා මෙමගින් ඔවුන්ගේ පාසල් අධ්‍යාපනය කෙරෙහි අවධානය යොමු කිරීමට ඔවුන්ට හැකි වේවි.

සෑම පෝෂ්‍යදායි ආහාර වේලක් ම ශ්‍රී ලංකාවට නිදහස ලැබීමෙන් පසු ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් මිදීමට සියලු ම ශ්‍රී ලාංකිකයන්ට උපකාර කිරීමට එක්සත් ජනපදයේ කැපවීම පිළිබඳ සාක්ෂියක් වනු ඇත,” යනුවෙන් අදහස් දක්වා සිටියා.

පාසල් දරුවන් පෝෂණය කිරීම සඳහා ලබාදෙන මෙට්‍රික් ටොන් 3,000ක ආහාර තොගයේ කොටසක් ලෙස මෙය පරිත්‍යාග කළ බව කොළඹ පිහිටි අමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය පැවසීය.