මම පුරුදු විදිහටම කතා කරන්න ආසයි, ඒත් බෑ – රන්ජන් රාමනායක

මම පුරුදු විදිහටම කතා කරන්න ආසයි, ඒත් බෑ – රන්ජන් රාමනායක

තමන්ට ලැබී ඇත්තේ කොන්දේසි සතිත සමාවක් බැවින් යම් විෂයයන් පිළිබඳ කතා කිරීමට තහනම් බව ජනාධිපති සමාව ලැබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, ජනාධිපති සමාව ලැබීමෙන් අනතුරුව අද ( 26) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ය.

“මට අද හම්බ වෙලා තියෙන්නේ කොන්දේසි සහිත සමාවක්. යම් යම් විෂයයන් ගැන කතා කිරීම සපුරා තහනම්. ඒ කතා කළොත් නැවත මට හිමි වී තිබෙන අත්හිටවූ සිර දඬුවමක් ක්‍රියාත්මක වෙනවා මුල ඉඳන්. අවුරුදු 5ක් යන්න වෙනවා. එක වචයනක් වැරදුනොත්. අයුතු ජනරාශිය වගේ දේවල්… මම එකක් කියන්නේ. ඒ වගේ බොහෝ දේවල් තියෙනවා මට කොන්දේසි දාලා. ඉතින් මට අර පරණ පුරුදු විදිහට කතා කරන්න ආසයි, නමුත් බැහැ. ඒ ගැන මම කණගාටුවෙන් ඉන්නේ. නමුත් කරන්න දෙයක් නැහැ. මේක තමයි මුහුණ දෙන්න වෙලා තියෙන යතාර්ථය. ඉතින් මගේ යුනිට් එක හදලා තියෙන්නේ ඇත්ත ම කතා කරන්න. ඩිවයිස් එක ටියුන් කරලා තියෙන්නේ ඇත්ත ම කතා කරන්න. නමුත් ඒක කරන්න අමාරුයි. ඉතින් මම හිතේ ඒවා හංගා ගෙන තාම ඉන්නවා.”

සමහර අය අහනවා මම වෙනස් වෙයි ද? මම බය වෙලා ද? මම පක්ෂ මාරු කරයි ද? මම කඩේ යයි ද? ඒවා මගේ සිලබස් එකේ නැහැ. මම, මම මයි මේ විදිහට තමයි මැරෙන්නෙත්. ඒක වෙනස් වෙන්නේ නැහැ කවදාවත්. වැඩිය කිව්වොත් අපිට ආයේ මේ වගේ ප්‍රෙස් එකක් කරන්න වෙන්නේ නැහැ. ආයේ ඔයගොල්ලන්ට වැලිකඩ ඉස්සරහට එන්න වෙනවා.”

රන්ජන් රාමනායක මහතා ප්‍රකාශ කළේ, තමන් ඉදිරියටත් නොවෙනස්ව පෙර පරිදි ම ක්‍රියා කරන බවත් කෙසේ වෙතත්, පක්ෂ මාරු කිරීමේ අදහසක් තමන්ට නොමැති බව ඔහු එහිදී වැඩිදුරට ත් පැවසීය.