මේකප් නැතිව රූ රැජින තරඟාවලියට තේරුණු තරඟකාරිය

මේකප් නැතිව රූ රැජින තරඟාවලියට තේරුණු තරඟකාරිය

සියවසකට ආසන්න මිස් ඉන්ග්ලන්ඩ් තරඟ ඉතිහාසයේ, කිසිදු අයුරකින් වේශ නිරූපණයකින් තොරව තරඟ කළ පළමු රූ රැජින බවට 20 හැවිරිදි විද්‍යාලීය ශිෂ්‍යාවක් වන මෙලීසා රවුෆ් පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ මිස් ඉන්ග්ලන්ඩ් තරගාවලියේ අවසන් පූර්ව තරඟ වටයට පෙනී සිටිමින්.

ඉන් ජයගත් ඇය එළඹෙන ඔක්තෝම්බරයේ දී පැවත්වෙන මිස් ඉන්ග්ලන්ඩ් කිරුළ සඳහා වන මහා තරඟයට ඉදිරිපත් වීමට නියමිතයි.

අවසන් පූර්ව තරඟ වටය ජයග්‍රහණය කළ ඇය එක්සත් රාජධානියේ ඉන්ඩිපෙන්ඩන්ට් පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පැවසුවේ, විවිධ වයස්වල සිටින ගැහැණු ළමුන් හා කාන්තාවන් රූපලාවන්‍ය ආලේපන භාවිත කළත්, තමා තමන්ගේ සම ගැන සතුටු වෙන බැවින් මේකප්වලින් මූහුණ වසා තැබීම නිෂ්පල දෙයක් වන බවයි.

කෙසේ නමුත් තමන් ද මේකප් භාවිත කළ ඇති බවත් තරඟාවලිය සඳහා සම්ප්‍රදායෙන් වැළකී සිටීමට තීරණය කළ බැවින්, මේකප් භාවිත නොකර තමා තරගයට ඉදිරිපත් වූ බවත් රවුෆ් ඉන්ඩිපෙන්ඩන්ට් පුවත්පත සමඟ පවසා තිබුණා.

https://bit.ly/3wAuheP