කුකුළු මස් හා මාළු මිල අඩු කිරීමට අවධානය

කුකුළු මස් හා මාළු මිල අඩු කිරීම සම්බන්ධයෙන් ලබන සතියේ තීරණයක් ගන්නා බව වෙළෙඳ හා පාරිභෝගික සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසයි.
ඔහු සඳහන් කළේ, වෙළෙඳපොළේ කුකුළු මස් මිල හා ඒ සඳහා වැයවන පිරිවැය සම්බන්ධයෙන් දත්ත පාරිභෝගික කටයුතු අධිකාරිය සතුව ඇති බවයි.
මේ අතර සිමෙන්ති, වයර් හා යකඩ මිල අඩු කිරීමට ද කඩිනමි පියවර ගන්නා බව අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ ය.

