රට තුළ තිරිඟු පිටි හිඟයක් – මිලත් ඉහළට

මේ වනවිට රට තුළ දැඩි තිරිඟු පිටි හිඟයක් පවතින බවත් ලංකාවට තිරිඟු පිටි ආනයනය කරන ප්‍රධාන සමාගම් දෙක වෙළඳපොලට තිරිඟු පිටි නිකුත් කිරීම සීමා කර ඇති බවත් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.
සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා මේ බව පෙරේදා (27) පැවති මාධ්‍ය හමුවක දී පැවසීය.
ඒ අනුව ඉන්දියාවෙන් මෙරටට තිරිඟු පිටි ගෙන්වා තිබුණු ව්‍යාපාරිකයින් මේ වනවිට තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 350ක් දක්වා ඉහළ දමා ඇති බවයි බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා වැඩි දුරටත් සඳහන් කළේ.

