එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගොඩගැනීමේ වැඩෙත් චීන සමාගමකට

පසුගිය වසරේ මැයි මාසයේදී ශ්‍රී ලංකාවේ මුහුදු තීරයේදී ගිලී ගිය එක්ස්ප්‍රස් පර්ල් බහලුම් නෞකාව හේතුවෙන් වෙරළ තීරයට සිදු වූ පරිසර හානිය ගණනය කළ පළමු අතුරු වාර්තාව වන්දි ලබාගැනීම සඳහා ඔස්ට්‍රෙලියානු නීතීඥ ආයතනය වෙත යොමුකර තිබෙනවා.
සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි නීතීඥ දර්ශනී ලහඳපුර ප්‍රකාශ කළේ එම ආයතනයේ උපදෙස් ලැබුණු පසු නීතිපති දෙපාර්තමේන්තුව සමඟ එක්ව ඉදිරි නීතිමය පියවර ගන්නා බවයි.
මේ වනවිටත් නෞකාව ගිලී යාමෙන් නිකුත් වූ අපද්‍රව්‍ය ඉවත්කොට වෙරළ තීරය පිරිසිදු කිරීමේ කටයුතු වෙනුවෙන් අදාළ රක්ෂණ සමාගමෙන් මහා භාණ්ඩාගාරයට රුපියල් බිලියන 1.3 ක මුදලක් ලැබී තිබෙනවා.
මේ අතර මුහුදු පත්ලේ ගිලී ඇති එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගොඩගැනීමේ කටයුතු නැවේ හිමිකාර සමාගම විසින් චීන සමාගමක් වෙත පවරා ඇති බවයි සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ.

