රට යන අයදුම්පත පිටු දෙකට බස්සයි

රට යන අයදුම්පත පිටු දෙකට බස්සයි

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍යාංශය විසින් විදේශ රැකියා සඳහා පිටත්ව යාමට අපේක්ෂා කරන සේවකයින් විසින් පිරවිය යුතු පෝරමයේ පිටු අඩු කිරීමට විෂය භාර අමාත්‍ය, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ උපදෙස් පරිදි මෙම තීරණය ගෙන ඇතැයි වාර්තා වන්නේ.

ඒ අනුව මෙම අයදුම් පත්‍රයේ පිටු සංඛ්‍යාව පිටු 4 සිට 2 දක්වා අඩුව තිබෙන අතර මුද්‍රණ කටයුතු සඳහා එම නව අයදුම්පත් පෝරමය රාජ්‍ය මුද්‍රණ දෙපාර්තමේන්තුව වෙත යවා තිබෙනවා.

අදාල පියවර හරහා අමාත්‍යංශය විසින් බලාපොරොත්තු වන්නේ, අයදුම් පත්‍රය මුද්‍රණය කිරීමේ පිරිවැය සියයට 50කින් අඩු කර ගැනීමයි.