ගොඩනැගිලි සැළසුම් අනුමත කිරිම ඔන්ලයින් ක්‍රමයට

ගොඩනැගිලි සැළසුම් අනුමත කිරිම ඔන්ලයින් ක්‍රමයට

සියලුම පළාත් පාලන ආයතනවල ගොඩනැගිලි සැළසුම් අනුමත කිරිම ඉදිරි මාස දෙක තුළ දී මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදු කිරීමට කටයුතු කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.

ඒ අනුව පළාත්පාලන ආයතන 337 ක මෙම ක්‍රමය හඳුන්වාදෙන බවයි අමාත්‍යවරයා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ අද (29) පැවති සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළේ.

ගොඩනැගිලි ඉදිකිරීමට අනුමැතිය ලබාදීමේ දී වර්ග අඩි 9,000 ට අඩු ඉඩම් සඳහා අනුමැතිය ලබාදීම පළාත්පාලන ආයතනයට පවරා තිබෙනවා.

ඉඩම වර්ග අඩි 9,000 ට වැඩි නම් හෝ ගොඩනැගිල්ල තට්ටු පහට වැඩිනම් ඊට අනුමැතිය ලබාදීමේ වගකීම ඇත්තේ නාගරික සංවර්ධන අධිකාරියටයි.