ගෝඨාභය ළගදීම ලංකාවට එනවලු

ගෝඨාභය ළගදීම ලංකාවට එනවලු

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නුදුරු දිනකදී ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් පවසයි.

අද ( 29) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කාරියවසම් මහතා මේ බව සඳහන් කළේ ය.

ඔහු ප්‍රකාශ කර සිටියේ, හිටපු ජනාධිපතිවරයෙකු වශයෙන් ඔහුට සුදුසු පහසුකම් සැපයිය යුතු බව ත් ඒ සඳහා අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කර ඇති බව ත් ය.

මේ පිළිබඳව වැඩිදුරට ත් අදහස් දක්වමින් සාගර කාරියවසම් මහතා මෙසේ පවසයි.

“එතුමා ලංකාවෙන් ගිය තත්ත්වය අපි හැමෝම දන්නවානේ. එතුමා සුන්දර පරිසරයක් යටතේ නෙමෙයි ලංකාවෙන් ගියේ. එතුමා නැවත එනවා නම් එතුමාට ඒ ආරක්ෂාව සහ හිටපු ජනාධිපතිවරයෙක්ට සුදුසු පහසුකම් සපයන්න ඕනේ. මම හිතන්නේ ඒ අවශ්‍ය කටයුතු දැන් පිළියෙල කරලා තියෙනවා. ඉතා ම නුදුරු දිනකදී එතුමා ලංකාවට එයි කියලා තමයි අපි බලාපොරොත්තුව.” යනුවෙන් පැවසීය

COMMENTS