ජොනීට ඇප

අල්ලස් චෝදනා සම්බන්ධයෙන් අධි චෝදනා ලැබ සිටි පාර්ලිමේන්තු මන්ත්රී ජොන්ස්ටන් ප්රනාන්දු ඇතුළු සැකකරුවන් දෙදෙනෙකුට ඇප නියම කිරීමට කොළඹ මහාධිකරණය කටයුතු කළා.
ඒ 2013 වසරේ සතොස ආයතනයේ සේවකයන් සිය නිල රාජකාරිවලින් ඉවත් කොට දේශපාලන කටයුතුවල යෙදවීම තුලින් රජයට රුපියල් එකොලොස් ලක්ෂයකට අධික පාඩුවක් සිදු කළේ යැයි ගොනු කර තිබූ අධි චෝදනා අද විභාගයට ගැනුණු අවස්ථාවේ දී යි.
පාර්ලිමේන්තු මන්ත්රීවරයා ඇතුළු තිදෙනාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා බාර දුන්නේ ඉකුත් නව (09) වැනිදා යි.
එදින නඩුවේ දී පාර්ලිමේන්තු මන්ත්රීවරයා ඇතුළු විත්තිකරුවන් තිදෙනාට රුපියල් 50,000 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළ අතර ඔවුන්ගේ විදෙස් ගමන් නඩු විභාගය අවසන් වනතෙක් තහනම් කිරීමට ද නියෝග කළා.
මන්ත්රීවරයාට අමතරව මෙම අධි චෝදනාවට විත්තිකරුවන් ලෙස නම් වී සිටියේ සතොස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්රනාන්දු සහ එහි හිටපු අධ්යක්ෂවරයෙකු වූ මොහාමඩ් සාකීර් යන අයයි.

