IMF නියෝජිතයින් සමඟ තවත් සාකච්ඡාවක් අද

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සහ රජයේ නියෝජිතයන් අතර තවත් සාකච්ඡාවක් අද පැවැත් වෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සහ මෙරට නියෝජිතයන් අතර සාකච්ඡාවක් පසුගිය 26 වනදාද පැවති අතර ජනාධිපතිවරයා ද සූම් තාක්ෂණය ඔස්සේ ඊට එක්වුණා.
මෙම සාකච්ඡාවේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතිරේක තොරතුරු කිහිපයක් ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලීමක් කර තිබුණා.
ඒ අනුව විදුලිබිල සංශෝධනය, සුරාබදු පනත ඇතුළු තවත් මූල්‍යමය දත්ත කිහිපයක් මූල්‍ය අරමුදලේ නියෝජිතයන් වෙත ලබා දීමට කටයුතු කළ ඇති බවයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සදහන් කළේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතුරු අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ඊයේ (30) සදහන් කළේ සාර්ථකව සිදුවන මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා මේ වනවිට අවසන් අදියරට පැමිණ ඇති බවයි.
මේ අතර අදාළ සාකච්ඡාවලදී යහපත් ප්‍රගතියක් අත්කරගෙන ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ කොළඹ ඊයේ පැවති සම්මන්ත්‍රණයකදී ප්‍රකාශ කර තිබුණා.
මූල්‍ය අරමුදල සමඟ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවක් කඩිනමින් ඇති කරගැනීමට හැකියාව ලැබෙනු ඇති බවයි මහ බැංකු අධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබුණේ.
මේ අතර ණය අපේක්ෂා කරන රටකට සුදුසු අයවැයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති අතර, රටේ ආර්ථිකයේ යම් ප්‍රගතියක් ලබාගෙන ඇති බවද මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා.

