අන්තරේ විරෝධයේදී අත්අඩංගුවට ගත් 28 දෙනාට ඇප

උද්ඝෝෂණයක් සිදු කරමින් මහජන පීඩාවක් සිදු කළ බවට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අන්තර් විශ්ව විද්‍යාල ශීෂ්‍ය බල මණ්ඩල සාමාජිකයක් 28 දෙනා පුද්ගලික ඇප මත මුදා හරින ලෙස මාළිකාන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම් ඒ සුමන්තිරන්, සාලිය පීරිස් ඇතුළු නීතිඥ මඩුල්ලක් සිදු කළ ඇප ඉල්ලීම සලකා බැලූ මාලිගාකන්ද මහේස්ත්‍රාත් තනූජා ජයතුංග මෙම සැකකරුවන් ඇප මත මුදා හරින ලෙස නියෝග කළා.
පොලිස් ආඥා පනත යටතේ මහජන පීඩාවක් සිදු කරමින් සිදු කළ උද්ඝෝෂණයේදී විසුරුවා හරින ලද මෙම පිරිස කලහකාරි ලෙස හැසිරීම හේතුවෙන් මරදාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මෙලෙස ඇප මත මුදා හැරුණා.
සිද්ධිය සම්බන්ධයෙන් නඩුව ලබන නොවැම්බර් මස 23 යළි කැදවන ලෙස මහේස්ත්‍රාත් වරිය නියෝග කළා.

