අද දිනයේත් දිස්ත්‍රික්ක කිහිපයකට ගිගුරුම් සහිත වැසි

අද දිනයේත් දිස්ත්‍රික්ක කිහිපයකට ගිගුරුම් සහිත වැසි

අද දිනයේත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර සබරගමුව මධ්‍යම වයඹ සහ උතුරු පළාත්වලත් අනුරාධපුර ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලටත් විටින් විට වැසි ඇති විය හැකියි.

බස්නාහිර සබරගමුව මධ්‍යම වයඹ සහ උතුරු පලාත් වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්ම වූ තද වැසි ඇති විය හැකියි.

නැගෙනහිර පළාත් වල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම සහිත වැසි ඇති වීමත් සමග තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

COMMENTS