උද්ඝෝෂණ එනවට රනිල් වික්‍රමසිංහ බයයි – ටිල්වින් සිල්වා

උද්ඝෝෂණ එනවට රනිල් වික්‍රමසිංහ බයයි – ටිල්වින් සිල්වා

මර්දන අවිය අතට ගන්නේ ශක්තිමත්කම නිසා නෙවෙයි. දුර්වලකම නිසයි. රනිල් වික්‍රමසිංහගේ නිර්භීතකම නොවන බවත්, ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේදී රටේ මර්දනය ගැන අවධානය යොමු කරවන බව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.

ඊයේ (31) පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී ඔහු මේ කියා සිටියා,

“උද්ඝෝෂණ කිරීමට ජනතාවට බලකරන සමාජ, ආර්ථික, දේශපාලනික සාධක වෙනස් කළ යුතුයි. අපේ රටේ සාමාන්‍ය ජනතාව පාරට බහින්නේ ඊට පොළඹවන ප්‍රශ්නවලට ආණ්ඩුව උත්තර නොදීමෙන්.

මර්දන අවිය අතට ගන්නේ ශක්තිමත්කම නිසා නෙවෙයි. දුර්වලකම නිසයි. රනිල් වික්‍රමසිංහගේ නිර්භීතකම නෙවෙයි, නිවටකමයි. මේවා නිවට බියගුළු වැඩ. ශක්තිමත් ආණ්ඩු උද්ඝෝෂණවලට බය නැහැ. ආණ්ඩුව දුර්වලයි නම් පොඩි උද්ඝෝෂණවලටත් බය වෙනවා. රනිල් වික්‍රමසිංහ ඇවිල්ලා දුර්වලකම් වැඩි කරලා තියෙන්නේ.

රනිල් විරෝධී පිරිස් හැදූ ආණ්ඩුව රනිල් ගත්තාට පස්සේ තවත් දුර්වල වෙලා තියෙන්නේ. උද්ඝෝෂණ එනවට රනිල් වික්‍රමසිංහ බයයි. අරගලයේ හිටි අය හොය හොයා දඩයම් කරනවා නම්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක කරනවා නම් මේ තත්ත්වයන් නවත්වන්න ඉන්නේ ජනතාවයි. ඒ නිසා අපි ජනතාවට කියන්නේ ආණ්ඩුවට මේ විරාමය නොදිය යුතු බවයි. මේ ආණ්ඩුව පරාජයට පත්කිරීමෙන් තොරව බේරන්න බැහැ. මෙවැනි දුෂ්ට, අසමත්, බියට පත්වුණු, තිගැස්සුණු ආණ්ඩුවකින් ජනතා අයිතීන් දිනාගන්න බැහැ. මර්දනය නවත්වන්නේ නැහැ. දැනටමත් ලංකාවට මානව හිමිකම් නඩු කිහිපයක් වැටිලා තියෙනවා. ලබන මාසේ ජිනීවාවල එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම රැස්වෙනවා.

ඉතිහාසයේ පළමුවන වතාවට ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් කොමිසම ඉදිරියට ගිහින් මර්දනය නවත්වා පාර්ලිමේන්තුව විසුරුවා හරින්න කියලා විශාල බලපෑමක් කරනවා. ඉතා ම කුඩා උද්ඝෝෂණයකින් පවා වැටෙයි කියන බයක් ආණ්ඩුවට තියෙනවා. මේ ආණ්ඩුවට කරුණු කියලා බල කරලා බේරන්න බැහැ. ආර්ථික අර්බුදය ජනතාව පිට පැටවීමට විරුද්ධව සටන් කරන ජනතාව මර්දනය කරන්න උත්සාහ කරන ආණ්ඩුව හැකි ඉක්මනින් පරාජය කරන්න ඕනෑ.” යනුවෙන් පැවසීය.

COMMENTS