IMF දොවොල වැන්දාම ඔක්කොම ප්‍රශ්න විසඳෙයි කියලා හිතන්න එපා – විමල් (video)

IMF දොවොල වැන්දාම ඔක්කොම ප්‍රශ්න විසඳෙයි කියලා හිතන්න එපා – විමල් (video)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මුදල් ලැබූ පමණනින් රටේ ගැටලු විසඳිය නොහැකි බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසයි.

විමල් වීරවංශ මහතා අද (01) ස්වාධින පක්ෂ එකමුතුවේ මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළේ ය.

මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ,

“IMF වැන්දාම ඒ දොවොල වැන්දාම ප්‍රශ්න විසඳෙනවා කියලා හිතන එක. කොහේ හරි තියෙන ප්‍රශ්නයක් වුණහම කොහේ හරි තියෙන දේවාලයක් පඬුරක් ගැට ගැටහුවහට අපි විරුද්ධ වෙන්නේ නැහැ. හැබැයි ඒ පඬුර ගැට ගහලා ඔක්කොම විසඳෙයි කියලා හිතනවා නම් ඒක තමයි දීනකම.

මෙතන තියෙන්නේ අපි විසින් උත්තර සෙවිය යුතු ප්‍රශ්නයක්. IMF එක ම කියනවා ණය ප්‍රතිව්‍යුහගත කිරීමට චීනේ කැමති කරවගන්න කියලා අපට. එතකොට අපට එහෙම වුණොත් වැඩේ වෙන්නේ නැහැනේ. ඒකේන් ම පේනවනේ මේක ඇත්ත විසඳුමකට නෙවෙයි යන්නේ කියලා.” යනුවෙන් පැවසීය.