නියෝජ්‍ය පොලිස්පතිවරු තිදෙනෙකුට ස්ථාන මාරු

නියෝජ්‍ය පොලිස්පතිවරු තිදෙනෙකුට ස්ථාන මාරු

වහාම ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පතිවරු තිදෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව බස්නාහිර පළාත අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න බස්නාහිර පළාත උතුරු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස ද, බස්නාහිර පළාත උතුරු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක මහනුවර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ද මහනුවර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති එච්,එස්.එන් පීරිස් නුවරඑළිය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ද මාරුකර තිබෙනවා.