වෛද්‍ය, හෙද, ඉන්ජිනේරු විශ්‍රාම යෑම 63න්

වෛද්‍ය, හෙද, ඉන්ජිනේරු විශ්‍රාම යෑම 63න්

රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම වයස අවුරුදු 60 දක්වා අඩු කිරීමට තීරණය කළ ද තෝරාගත් අත්‍යවශ්‍ය වෘත්තීන් කිහිපයකට එම සීමාව බල නොපාන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පවසයි.

එහි ලේකම් එම්.එම්.පී.කේ. මායාදුනේ මහතා සඳහන් කළේ,ඒ අනුව වෛද්‍ය ,හෙද හා ඉන්ජිනේරු ඇතුළු වෘත්තීන් කිහිපයක් එම සීමාවෙන් ඉවත් කරන බවයි.

එම වෘත්තීන්හී නියැලෙන්නන්ට වයස අවුරුදු 63 දක්වා සේවය කිරීමට හැකියාව ලැබෙන පරිදි කැබිනට් මණ්ඩලයට සංශෝධන ගෙන එන බව ලේකම්වරයා සඳහන් කළේ ය.

ඔහු සඳහන් කළේ, සෙසු පිරිස ලබන දෙසැම්බර් මස 31 වැනිදා විශ්‍රම ගැන්වීමට පියවර ගන්නා බවයි.

ඊට අදාළ චක්‍රලේඛය ඉදිරි දෙසතිය ඇතුළත නිකුත් කරන බව අමාත්‍යංශ ලේකම්වරයා පවසයි.

ඒ අනුව විසි දහසකට අධික පිරිසක් මේ වසර අවසානයේදී විශ්‍රම ගැන්වීමට නියමිත බව ඔහු ප්‍රකාශ කළේ ය.