පොල්ගහවෙල දී දුම්රියක් පීලි පනී

පොල්ගහවෙල දුම්රිය ස්ථානය ආසන්නයේදි දුම්රියක් පීලිපැනීමට ලක්ව තිබෙනවා.
අනුරාධපුරයේ සිට බෙලිඅත්ත දක්වා ධාවනය වූ දුම්රියකුයි අද (02) උදෑසන මෙලෙස පීලිපැනීමට ලක්ව ඇත්තේ. මේ වනවිට පීලිපැනීමට ලක්වූ දුම්රිය පීලිගත කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා.
ඒ හේතුවෙන් ප්රධාන මාර්ගය දුම්රිය ධාවනයේ ප්රමාදයක් සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

