සුපිරි හතරදෙනාගේ වටයේදී සිංහයන් හෙට ඇෆ්ගනිස්ථානය යළි හමුවෙයි

සුපිරි හතරදෙනාගේ වටයේදී සිංහයන් හෙට ඇෆ්ගනිස්ථානය යළි හමුවෙයි

ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ තවත් තරගයක් ඩුබායි හිදී අද (02) පැවැත්වෙනවා.

ඒ, පාකිස්ථානය සහ හොංකොං කණ්ඩායම් අතරයි.

මෙම තරගයෙන් ජයග්‍රහණය කරන කණ්ඩායම ඒ කාණ්ඩයෙන් සුපිරි හතරදෙනාගේ වටයට සුදුසුකම් ලබනු ඇති.

මේ අතර ඊයේ බංග්ලාදේශයට එරෙහිව පැවති තරඟය ජයග්‍රහණය කිරීමත් සමඟ සුපිරි හතරදෙනාගේ වටයට සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම එම වටයේ පළමු තරඟයට හෙට සාජා හි දී මුහුණදෙන්නේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමඟයි.