අද ප්‍රදේශ රැසකට ජලය නෑ

අද ප්‍රදේශ රැසකට ජලය නෑ

අද (03) පෙරවරු අටේ සිට හෙට (04) අලුයම දෙක දක්වා පැය 18 ක කාලයක් කොළඹ ඇතුලු ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව කොළඹ, දෙහිවල – ගල්කිස්ස, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශ මෙන්ම මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව නගර සභා බල ප්‍රදේශවලට ද එම කාලසීමාවේ දී ජල සැපයුම අත්හිටුවනු ඇති.

එසේම කොටිකාවත්ත – මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට මෙන්ම රත්මලාන සහ කටුබැද්ද ප්‍රදේශවලට ද ජල සැපයුම අත්හිටුවීමටයි පියවර ගැනෙන්නේ.

අඹතලේ ජල පොම්පාගාරයට සැපයෙන විදුලි සැපයුමෙහි අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් මෙම ජල සැපයුම අත්හිටුවීමට හේතු වී තිබෙනවා.