දුරකථන, අන්තර්ජාල හා මුදල් ගෙවා නරඹන රූපවාහිනි සේවා ගාස්තු අද සිට ඉහළට

දුරකථන, අන්තර්ජාල හා මුදල් ගෙවා නරඹන රූපවාහිනි සේවා ගාස්තු අද සිට ඉහළට

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව අන්තර්ජාල, ස්ථාවර හා ජංගම දුරකතන ගාස්තු අද (05) සිට 20% කින් ඉහළ දමා ඇතැයි දුරකතන සමාගම් පවසයි.

ඩොලරයේ අගය වැඩිවීමේ ප්‍රතිඵලයක් ලෙස මෙහෙයුම් පිරිවැය ඉහළ යාම මීට හේතුවූ බව අදාල සමාගම් නිකුත් කළ නිවේදනයක සඳහන් ය.

මීට අමතරව පේ ටෙලිවිෂන් හෙවත් මුදල් ගෙවා නරඹන රුපවාහිනි සේවා ගාස්තුවද 25% කින් ඉහළ නැංවෙනු ඇති.

සියලු විදුලි සංදේශ සේවාවන් හා පේ ටීවි සේවාවන් සඳහා වන වැට් බදු ප්‍රතිශතය අද(05) සිට ක්‍රියාත්මක වන පරිදි 12% සිට 15% දක්වා ඉහළ නංවා ඇති බවද එම නිවේදනයේ සඳහන් ය.

මේ අතර , අද සිට දුරකතන පැකේජයන් සඳහා වන ගාස්තුව ද ඉහළ යන බව සමස්ත ලංකා කමියුනිකේෂන් හිමිකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්ද්‍රජිත් පෙරේරා පැවසුවේ ය.

ඔහු පැවසුවේ දුරකතන ගාස්තු සංශෝධනයත් සමඟ Online ඔස්සේ අධ්‍යාපනය ලබන දරුවන්ටද බලපෑම් එල්ලවන බවය.

සංශෝධිත ගාස්තු පහතින් දැක්වේ.