සුද්දෝ එයිද 300ට පාන් කන්න මෙහේ ? ලාල්කාන්ත

මේ රටේ සමාජය අවුල් වී ඇති බැවින් මෙරටට විදේශිකයින් නොපැමිණෙන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන බලමණ්ඩල සභික කේ. ඩී. ලාල්කාන්ත මහතා පවසයි.
කේ. ඩී. ලාල්කාන්ත මහතා මේ බව පැවසුවේ ජාතික ජන බලවේගයේ සමුළුවක් අමතමිනි.
“සමාජය අස්ථාවර තැනකට විදේශිකයො යන්නෙ නෑ. බෙහෙතකට හොයාගන්න අමාරු තත්වයක් තියෙන්නෙ, එන්නෙ නෑ. ඇයි එන්නෙ නැත්තෙ ? අපේ රටේ සමාජය කැළඹිලා. සමාජය අවුල්. ඊයෙ බිත්තරේ ගාණ නෙවෙයි අද. මුදලාලිටත් බිත්තරේ ගාණ මතක නෑ. මුදලාලිත් අර බිල අරගෙන තමයි බිත්තරේ කීයද කියලා කියන්නෙ. පාන් රාත්තල කීයද දැන් ? 300 යි. සුද්දො එයිද 300ට පාන් කන්න මෙහෙ ? යනවානෙ යකෝ මාලදිවයිනේ. මෙහෙ එන්නෙ මොකටද ? රුපියල් 65 – 70 ට බිත්තරයක් කන්න මෙහෙ එන්න ඕනෙද උන් ? ඉතින් අනිත් ඒවාත් ගනන්. කාමර ගාස්තු ගනන්. ඔක්කොම ගනන්. නැතුව කරගෙන යන්න බෑ. ත්‍රීවීල් එකේ ගාණ වැඩියි. ඉතින් උන් දන්නවා. ඒ කියන්නෙ සමාජය අස්ථාවරයි” යනුවෙන් පැවසීය.

