දෛනිකව ඉන්ධන පිරවුම්හල් 400ක් වැසෙයි

දෛනිකව ඉන්ධන පිරවුම්හල් 400ක් වැසෙයි

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හඳුන්වා දුන් නව ගෙවීම් ක්‍රමය හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් 400ක් පමණ තාවකාලිකව වසා දැමීමට සිදුව ඇති බවට ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ දැක්වූ අදහස්,

“දැනට ඉන්ධන සාමාන්‍ය පරිදි ලැබෙමින් පවතිනවා පිරවුම්හල්වලට. නමුත් පිරවුම්හල්වලට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය නිකුත් කරන්නේ නෑ. දෛනිකව ප්‍රමුඛතා ලැයිස්තුවක් මඟින් ඒ ඒ ප්‍රදේශවල ඒ ඒ පිරවුම්හල්වලට පමණයි ඉන්ධන ලබාදෙන්නේ. එතකොට අනෙක් ඉන්ධන පිරවුම්හල් වහලා තියෙනවා. අනිත් එක තමා ඉන්ධන පිරවුම්හල් හිමියන්ට දැන් විශාල මුදලක් ගෙවන්න වෙනවා ඉන්ධන තොග රැස්කරන්න. නමුත් කිසිම ඉන්ධන පිරවුම්හලකට එලෙස මුදල් සංසරණය වෙන්නේ නෑ. එතකොට ප්‍රශ්නයක් තියෙනවා. එම නිසා දෛනිකව පිරවුම්හල් 300 – 400ක් අතර ප්‍රමාණයක් මේ නිසා වැහිලා තියෙනවා. ඉන්ධන අඩුවක් නෑ. ඇමතිතුමා දන්වලා තියෙනවා 4%කින් ඉන්ධන පරිභෝජනය අඩුකරන්න කියලා. රජයට ඉන්ධන ආනයනය කරන්න මුදල් සංචිතයක් අවශ්‍ය නිසා. ඉතින් මේ තත්ත්වය තමයි දිගටම පවතින්නේ.” යනුවෙන් පැවසීය.

ඉන්ධන ඇනවුම් කිරීමට පෙර දින තමන් ලබා ගන්නා ඉන්ධන තොගය සඳහා ගෙවීම සිදුකළ යුතු බවට නව ගෙවීම් ක්‍රමයක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පසුගියදා හඳුන්වා දි තිබුණි.