සමාජ ශාලාවක ගින්නක් – 14ක් මරුට

සමාජ ශාලාවක ගින්නක් – 14ක් මරුට

වියට්නාමයේ හෝ චී මිං අගනුවර කැරොකේ සමාජ ශාලාවක ඇති වූ විශාල ගින්නක් හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව මේ වන විට 14 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

මේ හේතුවෙන් පිළිස්සුම් තුවාල ලැබූ සංඛ්‍යාව ද හතළිහකට අධික බවයි හෝ චී මින් සෞඛ්‍ය අංශ බලධාරීන් පවසන්නේ.

ඔවුන් අතරින් තවත් දොළොස් දෙනෙකුගේ තත්ත්වය බරපතල බවත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

කෙසේ වෙතත් මෙම ගින්න ඇති වීමට හේතුව මෙතෙක් තහවුරු වී නැහැ.

කැරොකේ සමාජ ශාලාවේ ගින්න ඇති වන අවස්ථාවේ සමාජශාලාව තුළ 150 කට අධික පිරිසක් සිට ඇති බවයි හෝ චි මින් පොලීසිය පවසන්නේ.

https://bbc.in/3TLGxmO