ශ්‍රී ලංකාව සහ පකිස්ථානය ආසියානු කුසලානයේ අවසන් සටනට

ශ්‍රී ලංකාව සහ පකිස්ථානය ආසියානු කුසලානයේ අවසන් සටනට

ආසියානු කුසලානයේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගැනීමට පාකිස්ථානය ඊයේ (07) සමත් වුණා. ඒ ඇෆ්ගනිස්ථානය සමඟ පැවති තරගයේදී කඩුලු 1ක තියුණු ජයක් ලබා ගනිමින්.

සාජාහිදී පැවති තරඟයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 129 කි.

ඊබ්‍රහීම් සද්‍රාන් ලකුණු 35 යි.

ලකුණු 130 ක ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි පකිස්ථාන කණ්ඩායමේ මුල්පෙළ කඩුලු 2 ක ලකුණු 18 කදී බිඳ වැටුණි.

ශඩාබ් ඛාන් ලකුණු 36යි.

ෆසාල්හක් ෆාරුකි සහ ෆරීඩ් අහමඩ් කඩුලු 3 බැගින් දවා ගත්තේ ය.

කෙසේ නමුත් පන්දු 4 කින් ලකුණු 14 ක් රැස් කළ නසීම්ශා පකිස්ථාන කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේ තරඟය අවසන් වීමට පන්දු 4ක් ඉතිරිව තිබියදීය.

ඒ වනවිට පකිස්ථාන කඩුලු 9ක් බිඳ වැටී තිබුණි.

එම ජයග්‍රහණයත් සමඟ සුපිරි සිව්දෙනාගේ වටයේ ලකුණු සටහනේ දෙවැනි ස්ථානය තහවුරු කර ගත් පකිස්ථානය ලබන 11 වැනි දා ඩුබායිහිදී ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන අවසන් මහා තරඟයේ ස්ථානය තහවුරු කර ගත්තේ ය.

ඒ අනුව, ඇෆ්ගනිස්ථානයට සහ ඉන්දියාවට තරගාවලි⁣යෙන් ඉවත්වීමට සිදුවිය.