පරාජයෙන් පසු ඇෆ්ගන් ප්‍රේක්ෂකයන් පාකිස්ථාන ප්‍රේක්ෂකයන් සමඟ වලියක් දා ගනී (Video)

පරාජයෙන් පසු ඇෆ්ගන් ප්‍රේක්ෂකයන් පාකිස්ථාන ප්‍රේක්ෂකයන් සමඟ වලියක් දා ගනී (Video)

ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඇෆ්ගනිස්තානය සහ පාකිස්ථානය අතර සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (7) රාත්‍රී පැවැති තරඟයෙන් පසුව ඇෆ්ගනිස්තාන ප්‍රේක්ෂකයන් යැයි කියන පිරිසක් ක්‍රීඩාංගනයට හානි කරමින් කලහාකාරි ලෙස හැසුරුණු අයුරු දැක ගන්නට ලැබුණා.

එහිදී ඇෆ්ගනිස්තාන් ප්‍රේක්ෂකයන් යැයි කියන පිරිසක් ක්‍රීඩාංගනයේ පුටු කඩා පාකිස්තාන ප්‍රේක්ෂකයන්ට පහර දුන් බවත් එහිදී ක්‍රීඩාංගනයට දැඩි අලාභ හානි සිදු වී ඇති බවත් දැනගන්නට තිබේ.

එම තරඟයෙන් ඇෆ්ගනිස්තානය, පාකිස්තානය හමුවේ එක් කඩුල්ලක තියුණු පරාජයක් ලැබීය.

COMMENTS