ශ්රී ලංකා දැල් පන්දු කණ්ඩායම අපරාජිතව තවදුරටත් ඉදිරියට

සිංගප්පූරුවේ පැවැත්වෙන ආසියානු කුසලාන දැල් පන්දු තරගාවලියේ ශ්රී ලංකා කණ්ඩායම සහ හොංකොං කණ්ඩායම අතර තරඟය මීට ටික වේලාවකට පෙර නිමාව දුටුවා.
එහි දී හොංකොං කණ්ඩායම් ලකුණු 51 ට 62 ක් ලෙසින් පරාජය කළ ශ්රී ලංකා කණ්ඩායම ආසියානු කුසලාන දැල් පන්දු තරඟවලියේ අවසන් පූර්ව වටයේ ප්රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටිනවා.
මේ තරගයේ පළමු කාර්තුවේ දී ශ්රී ලංකා කණ්ඩායම ලකුණු 20 ක් ලබාගත් අතර හොංකොං කණ්ඩායම ලබා ගත්තේ ලකුණු 9 ක් පමණයි.
දෙවැනි කාර්තුවේ දී ශ්රී ලංකා කණ්ඩායම ලකුණු 14 ක් රැස් කරද්දී හොංකොං කණ්ඩායම ලකුණු 13ක් රැස් කර ගත්තා.
නමුත් තරගයේ 3 වන කාර්තුවේ දී ශ්රී ලංකා කණ්ඩායම අබිබවා ගිය හොංකොං කණ්ඩායම ලකුණු 16 ක් රැස්කර ගන්නා විට ශ්රී ලංකා කණ්ඩායමට රැස්කරගත හැකිවූයේ ලකුණු 11 ක් පමණයි.
කෙසේ වෙතත් තරගයේ සිව්වැනි කාර්තුවේ දී නැවතත් හොඳින් තරගයට අවතීර්ණ වූ ශ්රී ලංකා ක්රීඩිකාවෝ එම වටය ජය ගත්තේ ලකුණු 14ට 13ක් ලෙසින්.
මේ අනුව ආසියානු කුසලාන දැල් පන්දු තරගාවලියේ මේ දක්වා පැවැති සියලු තරග ජයග්රහණය කරමින් ශ්රී ලංකා කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටින්නේ කාණ්ඩයේ ඉහළම ප්රසාද ලකුණු ද සමගින්.

