කලකට පසු කෝලිගේ පිත්ත කතා කරයි

වසර ගණනකට පසු ඉන්දීය සුපිරි පිතිකරු විරාට් කෝලි ජාත්‍යන්තර තරඟයකදී ශතකයක් වාර්තා කිරීමට සමත් විය.
ඒ, ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 තරඟාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේදී ඊයේ (08) ඇෆ්ගනිස්ථානය සමඟ පැවති තරඟයේදීය.
වසර 03 කට ආසන්න කාලයකට පසු කෝලි වාර්තා කළ පළමු ජාත්‍යන්තර ශතකය මෙය වේ.
කෝලි නොදැවී ලකුණු 122ක් ලබා ගත්තේය.
එය පන්දු 61කදී ලබා ගැනීම විශේෂත්වයකි.
ඩුබායිහිදී පැවැති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රීඩකයින් පන්දුවාර 20 අවසානයේ කඩුලු 2 ක් දැවී ලකුණු 212 ක් රැස් කළේ ය.
ලෝකේෂ් රාහුල් ලකුණු 62ක් ලබා ගත්තේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 111 ක් පමණි.
ඒ අනුව, ඉන්දියාවට ලකුණු 101ක පහසු ජයක් හිමිවිය.
තරඟය ජග ගත්තද ඉන්දියාවට ආසියානු කුසලානය තරඟාවලියෙන් ඉවත් වීමට සිදුවිය.
සුපිරි සිව්දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර තරඟය අද (09) පැවැත්වීමට නියමිතය.
2022 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරඟයට පකිස්ථානය සහ ශ්‍රී ලංකාව මේ වනවිට සුදුසුකම් ලබා සිටීම විශේෂත්වයකි.

