එලිසබෙත් රැජිණ වෙනුවෙන් සැප්තැම්බර් 19 ශෝක දිනයක්

එලිසබෙත් රැජිණ වෙනුවෙන් සැප්තැම්බර් 19 ශෝක දිනයක්

දෙවැනි එලිසබෙත් රැජිණගේ අභාවය වෙනුවෙන් සැප්තැම්බර් 19 ශ්‍රී ලංකාවට ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ස්වදේශ කටයුතු සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයාට උපදෙස් දී තිබෙනවා.

ඒ අනුව දිවයිනේ සියලු රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය ලබන 19 වැනි දා දක්වා අඩකුඹු කර තැබෙනු ඇති.

ජනාධිපති මාධ්‍ය ඒකකය මේ බව නිවේදනය කළා.