වනජීවී රාජ්‍ය ඇමතිකම භාර නොගත් චානක විදුලිබල රාජ්‍ය ඇමති පට්ටමට

වන ජීවී හා වන සම්පත් සංරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ධූරයේ දිවුරුම් දුන් ඩී.වී. චානක මන්ත්‍රීවරයා ඉදිරියේදී ඒ වෙනුවට විදුලි බල සහ බලශක්ති රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිව්රුම් දීමට නියමිතබව ඊයේ වාර්තා වුණා.
විදුලි බල හා බලශක්ති කැබිනට් අමාත්‍ය කංචන විජේසේකර විසින් එම අමාත්‍යංශයට රාජ්‍ය අමාත්‍යවරයෙකු පත් කළ යුතු බවට මීට පෙර දැනුම් දී තිබෙන නිසා එම රාජ්‍ය අමාත්‍ය ධූරයට පත්වීමට තමා ස්වේච්ඡාවෙන් ම ඉදිරිපත් වූ බව ද මේ පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැනුවත් කළ බව ද අදාළ කරුණ පිළිබඳව කළ විමසීමේදී ඩී.වී. චානක මන්ත්‍රීවරයා ඊයේ කියා සිටියා.
ඒ අනුව ඔහු අද (09) දිනයේ දී විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ධූරයේ වැඩ භාරගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.
ඉන්දික අනුරුද්ධ විසින්ද ඊයේ දිනයේ දී විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ධූරයේ දිවුරුම් දෙනු ලැබුවා.

