මෛත්‍රී කනස්සල්ලෙන්

මෛත්‍රී කනස්සල්ලෙන්

අමාත්‍ය ධුර භාරගත් නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් එම ධුර ලබාගෙන ඇත්තේ පක්ෂයේ කිසිදු අනුමැතියකින් තොරව බව එහි සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු සදහන් කළේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් පමණක් එහි තනතුරු භාරගෙන ආණ්ඩුවට සහාය ලබා දීමට මීට පෙර සිය පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබූ බවයි.

එම තීරණවලට පිටුපාමින් අමාත්‍යධුර ලබා ගැනීම කිසිසේත් අනුමත කළ නොහැකි බවයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් තම තමන්ගේ පෞද්ගලික ලාභ අපේක්ෂා පෙරදැරිව අමාත්‍ය ධුර භාර ගැනීම පිළිබද සිය කනගාටුව ප්‍රකාශ කරන බව ද ඔහු නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

COMMENTS