පිටිය මැද වලි දාගත් අසීෆ් අලීට සහ ෆරීඩ් අහමඩ්ට වැඩ වරදී

පිටිය මැද වලි දාගත් අසීෆ් අලීට සහ ෆරීඩ් අහමඩ්ට වැඩ වරදී

2022 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතර දෙනාගේ වටයේ, ඇෆ්ගනිස්ථානය සහ පාකිස්ථානය අතර පසුගිය බදාදා පැවති තරඟය අතරතුර දී ඇති වූ බහින්බස්වීම් හේතුවෙන්, එම සිද්ධියට සම්බන්ධ ක්‍රීඩකයන් දෙදෙනාට දඩ පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව අදාල සිද්ධියට සම්බන්ධ වූ පාකිස්තානයේ අසීෆ් අලි සහ ඇෆ්ගනිස්ථානයේ ෆරීඩ් අහමඩ්ට ඔවුන්ගේ තරඟ ගාස්තුවෙන් 25% ක දඩයක් නියම කිරීමටයි අයි.සී.සීය තීරණය කර ඇත්තේ.

මේ අතර එම තරඟයෙන් අනතුරුව සාජා ක්‍රීඩාගාරය තුළ ඇෆ්ගනිස්ථාන ක්‍රීඩා ලෝලීන් සහ පාකිස්ථාන ක්‍රීඩා ලෝලීන් අතර ඇති වූ ගැටුම හේතුවෙන් ක්‍රීඩාංගනයේ යටිතල පහසුකම්වලට හානි කිරීම සහ ක්‍රීඩාංගනය අවට කලහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් ඇෆ්ගන් ජාතිකයන් 97 දෙනෙකු එක්සත් අරාබි රාජධානි පොලිස් බලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමට ද කටයුතු කර තිබෙනවා.

එමෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අනෙකුත් ප්‍රදේශවලින් ද සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් 117 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

https://bit.ly/3BnRWRB

COMMENTS